Godox AD600B එකට සෙට් වෙන ගැජට් 5 ක්


Godox AD600B කියන්නේ දැනට ලංකාවේ වැඩි වශයෙන්ම අලෙවි වෙන ක්ෂණික ආලෝක විහිදුම් උපකරණය කීවොත් නිවැරදි, ගැජට් ගැන කතා කරන්න කලින් අපි මේ Godox AD600B Wistro Light එක ගැන ටිකක් කතා කරලා දැනගෙනම වැඩේට බහිමු.

Godox AD600B Wistro Light එක ඕනෑම ස්ථානයක පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන්නේ මේ ලයිට් එක සමග එන 8700mAh බැටරිය නිසාවෙන්, GN87ක් වන මෙම ලයිට් එක ඕනෑම තත්වයක් යටතේ ඔබට අවශ්‍ය ආලෝකය අඩුවකින් තොරව ලබා දීමට පොහොසත්.

ගොඩක් දෙනාට තිබුන ප්‍රශ්නයක් විදිහට අපිට දකින්න පුලුවන් ස්වභාවික ආලෝකය, විශේෂයෙන්ම උදේ හා දවල් කාලයන් වල ෂූට් එකක් කරනකොට හිරු එලිය මගින් ඇති කරන බලපෑම කොහොමද  නිවැරදි ආකාරයෙන් පාලනය කරගන්නේ කියන එක, ඒ වගේම ස්භාවික පරිසරයේ ලස්සන ඒ විදිහටම අඩුවකින් තොරව තමන්ගේ චයරූපයට නගා ගන්නේ කියන එක. මෙන්න මේ ප්‍රශ්නයට ඉතා සාර්ථක විසදුමක් විදිහට අපිට Godox AD600B Wistro Light එක දකින්න පුළුවන්. උදහරණයක් වශයෙන් අප පහල අමුණ ඇති නිදසුන බලන්න



1/8000 HSS | 0.1-2.5 Recycle time | Dot Matrix Display | 2.4Ghz මෙන්ම මෙම උපකරණයේ Built in Slave System එකක් ඇති නිසා ඔබට කෙලින්ම Godox X1 Trigger System එක හරහා පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.


                                                     Godox X1 Trigger 


දැන් අපි අපේ ප්‍රධාන මාතෘකාවට එමු. අපි මෙතැනදී විශේෂයෙන්ම තෝරා ගත්තේ ගැජට් ම කියනත් බෑ, Godox AD600B Wistro Ligh එක පාවිච්ච් කරන අතර තුර එමගින් ලබා ගන්නා චායාරුප වල ගුණාත්මක තත්වය තවත් ඔපනන්වා ගන්න ගැලපෙන අමතර උපකරණ කීපයක් තමයි මෙතැනදී අපි කතා කරන්නේ.

Godox H600 Portable Flash Head




Godox AD600B Wistro Light එක කියන්නේ සාමාන්යෙන් 2.9KG වගේ බර  ලයිට් එකක් ඉතින් මේ වගේ  උපකරණයක් එහා මෙහා ගෙන යාමේදී සහ විශේෂයෙන්ම ලයිට් එක අවශ්‍ය කෝණයෙන් දීමේදී හසුරවා ගැනීමට තරමක් අපහසු වෙනවා. මේ ප්‍රශ්නයට විසදුමක් විදිහට Godox ආයතනයෙන් හදුන්වා දී තිබෙන මෙම H600 ෆ්ලෑෂ් හෙඩ් එක මගින් අපට ඉතා ලෙහෙසියෙන්ම ලයිට් එක හසුරුවා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ හා සමගම PB-600 බහලුම මගින් AD600B body එක ඉතා පහසු ආකාරයකට එල්ලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ නිවරදි කෝණයෙන් ලයිට් එක දීමේදී ඔබගේ චායරුපයේ ගුණාත්මක බව වැඩි වන බවට නම් සැකයක් නැහැ...........

OctaBox(Softbox)


මෙය නම් අවශ්‍යම උපකරණයක් විදිහට තමයි දකින්න ඕන, මොකද අපි ෆ්ලෑෂ් එක හරහා ගන්නා එලියට අනිවාර්යෙන් සොෆ්ට් එකක් අවශ්‍යය වෙනවා. OCTABOX විශේෂයෙන්ම මේ සදහා වඩාත් ගැලපෙන භාණ්ඩයක්.


  • Godox 80cm Octabox
  • Godox 95cm Octabox
  • Falcon Eyes 100cm Octabox
ඉහත අපි සදහන් කරලා තියෙන ඕනෑම ඔක්ටාබොක්ස් එකක් අපිට Godox AD600 B Wistro Light එකත් එක්ක බාවිතා කරන්න පුළුවන්, ඔයාට පේනවා ඇති අප උඩ සදහන් කරපු OCTABOXඅතර FalconEyes කියන වෙනත් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියන එක (Godox හැර ) AD600 B එකේ විශේෂත්වය නම් මේ ලයිට් එක BOWENS  කියන ජාත්‍යන්තර වශයෙන් පිළිගත්   Mount එකක් භවිත කර තිබීමයි, මෙහිදී Bowens Mount එක යටතේ එන ඕනෑම උපකරණයක් මෙම Godox AD600B Wistro Light එකත් එක්ක පාවිච්චි කිරීමේ හැකියාව පවතිනවා. පාරිබෝගිකයාට සැහැල්ලු මිලකට අවශ්‍ය වන අමතර උපකරණ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. BOWENS Mount එක යටතේ  China භාණ්ඩ ඕනෑ තරම් මාකට් එකේ ගන්නා පුළුවන් නිසා ඉතින් ගණන් ගැන නම් හිතන්න දෙයක් නැ 😅

OCTABOX සාමාන්යෙන් 80cm තරම් විශාලත්වයකින් යුතු නිසා මෙයින් ලැබෙන ලයිට් එකේ සොෆ්ට් එක නම් ඔයාගේ චයරුපය වෙනමම තලයකට ගෙන යානා බව සක සහිත නැහැ. අනික් කරණය නම් අපි කොහොමද මේ Sizes වලින් හොදම එක තෝරා ගන්නේ කියන එක, ඇත්තටම එක පැහැදිලි කරගන්න මෙතන ක්ලික් කරන්න

වෙනත් දෙයක් දන ගන්න අවශ්යි කියල හිතෙනව නම් හෝ වීඩියෝ බලල ෆොටෝ බලල නම් හරි යන්නේ නැ කියල හිතෙන අය මෙතන ක්ලික් කරලා අපේ facebook එකට මැසේජ් එකක් දාල, වෙලාවක් වෙන් කරගෙන ඇවිත් ඔයාම මේ ඔක්කොම  බලලා යන්න 😃

Octa එක ගැන වැඩි විස්තර ඕන කියල හිතෙනවා නම් එහෙමත් නැති නම් Octa එකක් ගන්න කොළබ එන්න අමාරුයි කියල හිතෙනවා නම් කෙලින්ම අපේ Site එක හරහා දැන් ඔයාට මිලදී ගන්නා පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරලා වැඩේ පටන් ගන්න

Godox CB-09 Bag


ලක්ෂ ගානක් දීල ගන්නා බඩුවක් ඕනවට එපාවට පාවිච්චි කරලා හරියන්නේ න නේද?

ඒ නිසාම Godox ලා මේ light එක දාන්න හොද hard කේස් එකක් මාකට් එකට දාල තියෙනවා. ඔයාලට පේනවා ඇති Godox AD600B Wistro Light එකට අමතරව රිෆ්ලෙක්ටර් කප් එක බැටරි එක චාර්ජර් එක වගේ දේවල් කීපයක්ම මේ බග් එකේ ඔයාට දාගෙන යන්න පලුවන් බව, මගේ මතය නම් ම බෑග් එකේ ඔයාට Godox AD600B Wistro Light 2ක් උනත් දාගෙන යන්න පළුවන් කියන එක. ඒ තරම් හොද ඉඩ පහසු බෑග් එකක් වගේම ඇතුලේ දාල තියෙන ඔයාගේ light එක කිසි ලෙසකින්වත් එහෙ මෙහෙ නොවෙන විදිහට Partition කර ගන්නා පුළුවන්. ඇතුලේ නිමාව ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැ....😍

බෑග් එක ගැන වැඩි විස්තර ඕන කියල හිතෙනවා නම් එහෙමත් නැති නම් බෑග් එකක් ගන්න කොළබ එන්න අමාරුයි කියල හිතෙනවා නම් කෙලින්ම අපේ Site එක හරහා දැන් ඔයාට මිලදී ගන්නා පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරලා වැඩේ පටන් ගන්න

Godox 5 in 1 Reflector Board



Reflector board ගැන නම් ඉතින් කතා කරන්න ලොකු දෙයක් නැහැ මොකද ගොඩක් දෙනෙක් මේ Reflector board එක දැනටමත් පාවිච්චි කරනවා. ඇත්තටම කීවොත් සොභාවික එලිය අපිට කැමති විදිහට හසුරවා ගන්නා කියපු භාණ්ඩයක් තමයි මේක, Godox AD600B Wistro Light එක Main එක විදිහට පාවිච්චි කරන අතර තුර අඩුපාඩු හද ගන්න ගොඩක් අය තව පොඩි SpeedLight එකක් බවිත කරනවා. Reflector board එකක් හරහා ඔයාට මේ වැඩේ ඊට වැඩ හොදට කර ගැනීමේ හැකියාව තියෙනවා. Reflector board එකේ අපිට ගෝල්ඩ් | සිල්වර් | වයිට් | ඕෆ් වයිට් | බ්ලැක් කියන පාට 5ම අන්තර් ගතයි. light එකක් reflect කරන්න විතරක් නෙමෙයි තව ගොඩක් වැඩ Reflector board එකෙන් කර ගන්න පුළුවන්.

Reflector board කෙරෙන වැඩේ මෙන්ම කොහොමද හරියට පාවිච්චි කරලා Perfect ෂොට් එකක් ගන්නේ කියල බලන්න මෙතන ක්ලික් කරන්න 

Reflector board එක ගැන වැඩි විස්තර ඕන කියල හිතෙනවා නම් එහෙමත් නැති නම් Reflector board එකක් ගන්න කොළබ එන්න අමාරුයි කියල හිතෙනවා නම් කෙලින්ම අපේ Site එක හරහා දැන් ඔයාට මිලදී ගන්නා පුළුවන්. මෙතන ක්ලික් කරලා ඔයාගේ Reflector board එකත් ගෙදරටම ගෙන්න ගන්න.

Nanguang NG-10X Studio Light Focus Lens



Gels ගොඩක් වෙලාවට වැදගත් අයිටම් එකක්, Bownes Mount එකක් නිසා Nanguang (නන්ගුංග්) NG-10X එකත් ඔයාගේ Godox AD600B Wistro Light එකට සෙට් වෙන සුපිරි ගැජට් එකක්, අපි මේක තෝරා ගන්නා හේතු උන කරුණ තමයි වෙන ජෙල් එකක් වගේ නෙමෙයි මේකෙන් වැඩ දෙක තුනක්ම ඔයාට කරගන්න පුළුවන් වීම. Portrait වලදී වැදගත් වන විදිහේ වැඩ කැල්ලක් තමයි මේ Focus  සීන් එක , light එක කෙලින්ම Target එකට දෙන්න පුළුවන් වීම, ඔයාට හිතෙන්න පුළුවන් එතකොට කෙලින්ම දෙන light එක කොහොමද අපි සොෆ්ට් කර ගන්නේ කියල මෙන්න මේකට NG-10X එකේ ඇතුලේ විදුරු තහඩුවක් තියෙනවා මේකෙන් light එක සොෆ්ට් වෙන්ව විතරක් නෙමයි light එක යාන ආනතිය වෙනස් කර ගැනීමටත් හැකියාව තිබෙනවා. light එක විහිදුවා යැවීමට හෝ කෙලින්ම යැවීමට මේ ගැජට් එකට පුළුවන් . සුපිරි නේද? 😋 මීට අමතරව ජෙලස් (Indoor) ඇතුලකදී  භාවිතයට වඩාත් වැදගත්.

ඉහත චයරූපයට නම් යොදාගෙන තිබෙන්නේ Normal SpeedLight 2ක් කලර් ජෙල් 2ක් සමග

වෙනසකටත් එක්කම මේ වගේ චායරුපයක් ඔයාගේ Gallery එකටත් ද ගත නම් කොහොමද? මේ ගැන අදහසක් ගන්න ඕන කියල හිතෙනවා නම්   ඉතින් මෙතන ක්ලික් කරලා  වීඩියෝ එකක් බලන්න.

Color Gel + Color Temperature ඔන්න ඔය දෙක  ගානට බැලන්ස් කර ගන්නා පුළුවන් නම් ඔයාට OUTPUT එක ගොඩක් හොද එකක් වෙන බවට නම් සැකයක් නැහැ, මේ ගැන හොදටම දන ගන්නා මෙන්න    මෙතන ක්ලික් කරන්න

ඔයාටත් අදහසක් තියෙනවා නම් මේ ගැජට් එක ඔයාගේ ගැජට් ගොඩට දාගන්න ඕන කියල මෙතන ක්ලික් කරලා අදම ගෙදරට ගෙන්නවා ගන්න.

ගොඩක් කියවන එකත් එක වෙලාවකට අමාරු දෙයක් නිසා අපි මෙතනින් අපේ බ්ලොග් එක නවත්තන්න හිතුව. Godox AD600B Wistro Light එක ගැන හෝ වෙනත් යමක් දන ගන්නා අවශයියල හිතෙනවා නම් අපේ වෙබ් පිටුවට යන්න පුළුවන් www.ShanikaPhotoNeeds.com එහෙමත් නැති නම් අපේ Facebook page එකට මැසේජ් එකක් දාන්න...

වැරදි අඩු පාඩු තියෙන්න පුළුවන්, ඔයාගේ අදහස් මට මග හැරුණු දේවල් පහල comment section එකේ දාන්න අමතක කරන්නන එපා 😃

Comments

  1. Replies
    1. --Package 01
      Godox AD600B x 1pc
      Godox 95cm Octa Box x 1pc
      Godox X1T x 1pc

      Package 01 Price-Rs:109,999/=

      --Package 02
      Godox AD600B x 1pc
      Godox Octa 80cm Octa Box x 1pc
      Godox X1T x 1pc
      Godox Reflector Cup x 1pc

      Package 02 Price-Rs:115,500/=

      --Package 03
      Godox AD600B x 1pc
      Godox 100cm Octa Box x 1pc
      Godox X1T x 1pc
      Godox CB-09 Hard Case x 1pc
      Godox Reflector Cup x 1pc
      Nanguang NG-10X Professional Fresnel focusing lens x 1pc

      Package 03 Price-Rs:135,500/=

      Delete

Post a Comment